
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමෙන් වළකින ලෙස ප්‍රංශ නීතිඥවරුන් නියෝජනය කරන නිල ව්‍යවස්ථාපිත මණ්ඩලය වන Conseil National des Barreaux (CNB) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි පියවරක් මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකි බවට CNB පැරිස් නුවර පැවැති මහා සභා රැස්වීමේදී සම්මත කරගත් යෝජනාවලියක් මගින් අවධාරණය කර ඇත.
සාමාජිකයන් 25,000ක් නියෝජනය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ද මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පෙන්වා දුන්නේ, සේවයේ නියුතු විනිසුරුවන්ගේ වයස දීර්ඝ කිරීම අධිකරණයට සිදුකරන අනිසි බලපෑමක් ලෙස සැළකිව හැකි බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ජපානය සහ ඉන්දියාව සමඟ ප්‍රංශය ද ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමි කමිටුවේ සම සභාපතිත්වය දරන අතර, යුරෝ මිලියන 390ක ණය ප්‍රතිසංස්කරණය කිරීමට ද එකඟ වී ඇත.
මීට අමතරව, ජූනි 3 වැනිදා CNB සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවැති සාකච්ඡාවකදී නීතිඥයන් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද මූලික අඩිතාලම දමා තිබිණි.
අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා සහ නිසි ප්රජාතන්ත්රවාදී සංවාදයකින් පසුව පමණක් ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා ලෙස CNB ආයතනය ශ්‍රී ලංකා, ප්‍රංශ සහ අන්තර්ජාතික බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart