
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහර බන්ධනාගාරයේ පෙරේදා (අගෝස්තු 01) ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුවූ දේපළ හානිය රුපියල් මිලියන 150 (කෝටි 15) ඉක්මවන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙනසුරාදා පස්වරු 4.00ට පමණ ආරම්භ වූ මෙම නොසන්සුන්තාව පැය 13කට ආසන්න කාලයක් පැවැති අතර,ඊයේ (අගෝස්තු 02) උදෑසන 6.00ට පමණ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී තිබිණි.
බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිලි රැසකට, වහලවලට මෙන්ම වෘත්තීය පුහුණු ශාලාවේ මහන මැෂින් ඇතුළු උපකරණවලට දැඩි හානි සිදුව ඇත.
රැඳවියන් මධ්‍යම රාත්‍රිය වන තෙක් ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකටද ගල් ප්‍රහාරවලින් හානි සිදු විය.
බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමට පියවර දැඩි කිරීමත් සමඟ ඇති වූ මත්ද්‍රව්‍ය හිඟකම මෙම ගැටුමට ආසන්නතම හේතුව ලෙස මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
‘සාතාන්’, ‘අසාර්’ සහ ‘පැට්ටා’ ඇතුළු ප්‍රධාන රැඳවියන් සිව්දෙනෙකු විසින් මෙම නොසන්සුන්තාව මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
රැඳවියන් සිව්දෙනෙකු බන්ධනාගාර වහලය මතට නැග විරෝධතාව ආරම්භ කිරීමෙන් පසු, කරුණු විමසීමට පැමිණි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියකුට රැඳවියන් ගල් ප්‍රහාර එල්ල කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් වහාම මැදිහත් වී රෝහලේ ඖෂධ, මුළුතැන්ගෙයි තිබූ මුවහත් ආයුධ සහ අවි ගබඩාවේ ගිනිඅවි සුරක්ෂිත කරමින් අදාළ ප්‍රදේශයෙන් ඉවත් වී ඇත.
ඉදිකෙරෙමින් පැවැති තාප්ප කොටසක් කඩා දමමින් රැඳවියන් 1,500කට ආසන්න පිරිසක් පලා යෑමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා එය වළක්වා ගෙන තිබේ.
ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති අතර, තවත් පිරිසක් නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ස්ථානයක් කඩා ඒවා ශරීරගත කරගෙන ඇත.
අනෙකුත් සිරමැදිරි කඩා රැඳවියන් එළියට ගැනීමට උත්සාහ කිරීමේදී, ඊට එකඟ නොවූ රැඳවියන්ටද පහර දී තිබේ.
මෙම ගැටුම් අතරතුර තුවාල ලැබූ රැඳවියන් 9 දෙනෙකු අතුරින් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එලෙස ඇතුළත් කළ වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රැඳවියකු මියගොස් ඇත.
මොහු මෝටර් සයිකල් සොරකමක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි.
සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් රැඳවියන් 104 දෙනෙකු බූස්ස බන්ධනාගාරය ඇතුළු වෙනත් බන්ධනාගාර 7කට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මීට පෙර මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ රැඳවියන් අතර ගැටුමක් වුවද, මහර සිද්ධිය රැඳවියන් සහ බන්ධනාගාර පාලනාධිකාරිය අතර ඇති වූ ගැටුමක් බවයි.
පිටත සිටින යම් කණ්ඩායම් විසින් සංවිධානාත්මක ලෙස බන්ධනාගාර තුළ මෙවැනි නොසන්සුන්තා මෙහෙයවන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බැවින්, බාහිර මැදිහත්වීම් තිබේදැයි සෙවීමට විමර්ශන පවත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙවැනි සිදුවීම්වලට එක් හේතුවක් වුවද, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම පැවැති එම තත්ත්වය විසඳීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවත්, රාජ්‍ය දේපළවලට හානි කළ පිරිස්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart