
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ වන දිවියන් සැරිසැරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, මෑතකදී සිදුවූ කොටි ප්‍රහාරයකින් වසුපැටවකු ද මියගොස් තිබේ.
මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට දැඩි අවධානයෙන් හා සූදානමින් පසුවන ලෙස පාලනාධිකාරිය විසින් නැවතත් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
පශු වෛද්‍ය පීඨයට අයත් පශු සම්පත් ගොවිපළේ සිටි වසුපැටවකු ජූලි 30 වැනිදා අලුයම දිවියකුගේ ප්‍රහාරයකට ලක්ව මියයෑමේ සිද්ධියත් සමඟ මෙම නවතම ආරක්ෂිත උපදෙස් මාලාව නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
හන්තාන රක්ෂිත වනාන්තරයේ වෙසෙන මෙම වන දිවියන් ඉඳහිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වන අතර, මීට පෙරද පශු වෛද්‍ය පීඨයේ ගව මඩුව ආශ්‍රිතව සතුන්ට එල්ල වූ මෙවැනි ප්‍රහාර කිහිපයක්ම වාර්තා වී තිබිණි.
උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත නිකුත් කරන ලද නිවේදනයක් මගින් සියලුම සිසුන්, ආචාර්ය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විශේෂයෙන්ම අලුයම, සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටියි.
ඒ අනුව කිසිදු අවස්ථාවක රාත්‍රී හෝ අලුයම කාලයේ තනිව ගමන් නොකරන ලෙසත් කොටින් ඇතුළු වන සතුන් දුටුවහොත් උන් අසලට යෑමෙන් හෝ ඡායාරූප/වීඩියෝ ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසත් දිවියන් දුටුවහොත් හෝ ඊට අදාළ යම් සැකකටයුතු සිදුවීමක් වාර්තා වුවහොත් වහාම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය දැනුවත් කරන ලෙසත් පශු වෛද්‍ය පීඨයේ ශික්ෂණ ගොවිපළ, ඊට මායිම්ව පිහිටි වනගත ප්‍රදේශ සහ මීට පෙර දිවියන් ගැවසී ඇති ස්ථාන හරහා ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී ඇත.
විශ්වවිද්‍යාල ප්‍රජාවේ ආරක්ෂාව සහ සුබසාධනය සඳහා ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන බව අවධාරණය කරන පාලනාධිකාරිය, මෙම පූර්වාරක්ෂණ පියවරයන් අකුරටම පිළිපදින ලෙස සිසුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart