
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවකයන්ට මෙච්චර කල් ලැබුණු ලොකුම සහනයකට වැඩේ දීලා කියල ආරංචියක් වාර්තා වෙනවා. අවුරුදු 50කට ආසන්න කාලයක් තිස්සේ රෝහල් මහජන ආපනශාලාවෙන් සහන මිලට කෑම ලබාගන්න සේවකයන්ට තිබ්බ අවස්ථාව එකපාරටම කැපී ගිහින්.
“අපිට තිබ්බ එකම සහනෙත් කැපුවා” කියමින් අනුරාධපුර හොස්පිට්ල් එකේ සේවක මණ්ඩලය එකතු වෙලා දැන් පෝස්ටර් පවා අලවමින් ලොකු විරෝධයක් පටන් අරන්. නිවාඩු, සතිඅන්ත කියලා බලන්නේ නැතුව පැය 24ම වැඩ කරන, නිවාඩු ගන්නෙත් නැතුව අතිකාල සේවයේ යෙදෙන තමන්ට බෝඩින්වල ඉඳන් හරි වැඩ කරන්න ලොකුම හයියක් වුණේ මේ සහන මිලට ලැබුණු කෑම එක කියලා සේවකයෝ කියනවා.
මේ අසාධාරණය ගැන රෝහල් වෘත්තීය සමිති එකතු වෙලා සෞඛ්‍ය අමාත්‍යවරයාටයි, රෝහල් අධ්‍යක්ෂවරයාටයි ලියුම් ගහලා දැනුම්දීලත් තියෙනවා.
ඒත් ඉතින් පාලනාධිකාරිය කියන්නේ වෙනම කතාවක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු ජයවීර කියන්නේ, සේවකයන්ගේ මේ චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. වෙළඳපොළ මිලට වඩා අඩු මුදලකට තවමත් උසස් තත්ත්වයේ කෑම වේලක් ආපනශාලාවෙන් ලබාදෙන බවයි ඔහු කියන්නේ.
කොහොමවුණත්, සේවකයෝ නම් කියන්නේ කෑම ටිකට වැඩේ දීපු එක ගැන තමන් තදින්ම කළකිරීමෙන් ඉන්නේ කියලා. ඉස්සරහට මේ කෑම අර්බුදය තවත් දුරදිග යයිද කියලා බලමුකෝ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart