
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.
මෙය සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් ලෙස සනිටුහන් වන අතර, ඒ හරහා පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය නිෂ්පාදන සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක් ද, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ද සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතය.
මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශික වෙළදසැල් 3500 ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිතය.
අතරමැදියන් ඉවත් කරමින් වෙළඳපොළේ මිල පාලනය කිරීමටත්, ‘මිල තීරකයා’ ලෙස කටයුතු කිරීමටත් මෙමඟින් සංගමය බලාපොරොත්තු වේ.
2029 වසර වන විට ප්‍රාදේශික වෙළදසැල් 3500 සිට 10 000 දක්වා වැඩි කරගැනීමේ ඉලක්කය සහිතව සංගමය කටයුතු කරමින් සිටියි.
එමෙන්ම දේශීය නිෂ්පාදනවලට අමතරව ඉන්දියානු සමුපකාර සමිති සමඟ එක්ව ගුණාත්මක නිෂ්පාදන ආනයනය කර බෙදාහැරීමට ද පියවර ගෙන ඇත.
වසර ගණනාවක විශ්වසනීය ඉතිහාසයක් ඇති මෙම සංගමය, තිරසාර ව්‍යාපාරික සදාචාරයත් අනුගමනය කරමින් සාමාජිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආර්ථික තත්ත්වය උසස් කිරීමට කැපවී සිටියි. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් සහ වෙළඳපොළ ඒකාධිකාරය බිඳහෙළමින් ජනතාවට සහන සැලසීමට ඔවුන් ඉටුකරන සුවිශාල මෙහෙවර, වඩාත් යහපත් ලෝකයක් ගොඩනැගීමට සමුපකාර ව්‍යාපාරය දක්වන දායකත්වයට මනා නිදසුනකි.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය නියෝජ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඇමෙරිකාව සහ යුරෝපය වැනි දියුණු රටවල පවා පස් දෙනෙකුගෙන් එක් අයෙකු පාරිභෝගික සමුපකාර සාමාජිකයෙකු වන බවත්, නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ කේවල් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට සමුපකාරය අත්‍යවශ්‍ය බවත් ය.
දැනට ක්‍රියාත්මක මෙම සමුපකාර ශාඛා ජාලය තවදුරටත් වර්ධනය කරමින් මෙය සමස්ථ ‘පද්ධතියක්’ ලෙස ගොඩනැගීමට රජය සැලසුම් කර ඇත.
මීට අමතරව, මුදල් හා වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව සමුපකාර බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සිය නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ශක්තිමත් වේදිකාවක් සැපයෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමයේ සභාපති (COOPFED) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න, ප්‍රධාන විධායක නිලධාරි රොෂානි ප්‍රදීපා, BCC ලංකා සමාගමේ සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත්, ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල කුමාර සහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ධර්මවර්ධන උදය කුමාර් යන පිරිස සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart