
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (01) දිනයේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පසුගිය දිනක මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නා බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් වුවද, මහර බන්ධනාගාරයේ සිදුවීම රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර ඇතිවූවක් බවයි.
මෙම නොසන්සුන්තාවයට බලපෑ ප්‍රධාන හේතු සහ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා අනාවරණය කළ කරුණු කිහිපයක් මෙසේය;
බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය යැවීමේ ජාවාරම මුළුමනින්ම පාලනය කිරීමට පියවර ගැනීම මෙම ගැටුමට ප්‍රධානතම හේතුව වී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් පිරිසක් මෙම නොසන්සුන්තාවයට මුල් වී තිබේ.
ඊයේ රාත්‍රී කාලයේදී රැඳවියන් ස්ථාන කිහිපයකින්ම බන්ධනාගාර පරිශ්‍රය කඩාගෙන පලායාමට උත්සාහ කර ඇති අතර, බලධාරීන් විසින් එම සියලු උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කර ඇත.
බන්ධනාගාරයේ පාලනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart