
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් රජය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව සංශෝධනවලට අනුව, යම් පුද්ගලයෙකු දූෂණය මගින් උපයාගත් දේපළක් සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, එම දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයකට (3) නොඅඩු දඩයක් පැනවීම අධිකරණයට අනිවාර්ය කර තිබේ. එමෙන්ම, අදාළ වංචාවෙන් රජයට සිදු වූ අලාභයේ සම්පූර්ණ වටිනාකමට සමාන අතිරේක දඩයක් ද පැනවීමට නියමිතය.
නව සංශෝධනය මගින් බරපතළ අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීම ද සීමා කර ඇත. ඒ අනුව, රුපියල් 100,000 කට නොඅඩු අල්ලසක් ලබාගැනීම/ඉල්ලීම හෝ රුපියල් 500,000 කට නොඅඩු රජයේ අලාභයක් සිදුකිරීම සම්බන්ධ සැකකරුවන්ට ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයට පමණක් වන අතර, එයද විශේෂ කරුණු යටතේ පමණි.
මීට අමතරව, වත්කම් ප්රකාශනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද නව ප්‍රතිපාදන එක්කර ඇත. සංශෝධිත වත්කම් ප්රකාශනයක් නීත්‍යානුකූල නොවන වෙනත් ඕනෑම කාර්යයකට භාවිත කිරීම වරදක් වන අතර, ඊට රුපියල් 100,000 දක්වා දඩයක් හෝ වසරක සිරදඬුවමක් හිමිවිය හැක. එසේම, පෞද්ගලිකත්වය සුරැකීම උදෙසා එකට ජීවත්වන තැනැත්තන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමේ වගන්තිය ඉවත් කර තිබේ.
කෙසේවෙතත්, මෙම සංශෝධනය මගින් දූෂණ විරෝධී පනත බලපැවැත්වෙන ආයතන සීමාව වෙනස් කර ඇත. මීට පෙර රජයේ කොටස් 25% ක් පැවැති සමාගම් ‘සටහන්ගත ආයතන’ ලෙස සැලකුවද, නව සංශෝධනයෙන් එම සීමාව 50% දක්වා ඉහළ නංවා ඇත. ඒ අනුව, රජයේ සුළුතර කොටස් (25% – 49.9%) සහිත සමාගම්වල සේවකයන් සහ අධ්යක්ෂවරුන් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන් ලෙස සලකනු නොලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart