
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නම අවභාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සහ වංචනික ක්‍රියාවල නිරත වීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනීසිටිමින් යම් පුද්ගලයකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබාදෙමින් මෙලෙස වංචනික ලෙස මුදල් උපයා ගැනීමට උත්සාහ කරන බවට මේ වන විට පැමිණිලි කිහිපයක්ම ලැබී ඇත.
මෙම තත්ත්වය හමුවේ නොමග නොයන ලෙසත්, පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලෙසත් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනය පහත පරිදි වේ.
‘කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලීම් සහ වෙනත් වංචනික ක්‍රියාකාරකම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇත.
මෙවැනි පුද්ගලයන්ට කිසිදු මුදලක්, පුද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සැක සහිත දුරකථන ඇමතුම්, පණිවිඩ ඇත්නම්, ආසන්නතම පොලිස් ස්ථානයට හෝ අදාළ අංශ වෙත වහාම දැනුම් දෙන්න.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart