
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගවිනිසුරු ධුරය සඳහා වසර හයක උපරිම කාලසීමාවක් (ධුර කාලයක්) නියම කිරීමට රජය සූදානම් වන බව The Sunday Times පුවත්පතට වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල කොටසක් ලෙස මෙම පියවර ගැනෙනු ඇත.
අගවිනිසුරු ධුරය සඳහා වසර හයක උපරිම කාලසීමාවක් පැනවීමේ මෙම පියවර මගින් අදහස් වන්නේ, අගවිනිසුරුවරයකු විශ්‍රාම යාමේ වයසට පැමිණ නොමැති වුවද, වසර හයක ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
යෝජිත සංශෝධන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නව විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවෙනු ඇත.
සෙසු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයසද වසර දෙකකින් ඉහළ යනු ඇත.
ජ්‍යෙෂ්ඨ රජයේ ආරංචි මාර්ගයක් පවසා ඇත්තේ, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ලබන මස මුලදී යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම යෝජනා මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සංශෝධන න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමෙන් පසු ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ හැකි අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු පසු එම සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
“නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර හමුවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. කෙසේවෙතත්, ඊයේ වන තෙක් ඒ සඳහා කිසිදු සූදානමක් කර නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart