August 1, 2026

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව, නැවත දැනුම්දෙන තුරු බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව 246/කැන්දලියද්ද පාර – බටහිර, 246/සී කැන්දලිය පාර – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත.

නීතිය හා සාමය පවත්වා ගැනීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ඇඳිරි නීතිය පැනවූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත නිවේදනය කළේය.

මෙම පියවර ගෙන ඇත්තේ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීමෙන් පසුවය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව බන්ධනාගාරය වටා යොදවමින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.