August 2, 2026

රජයට අනුබද්ධිත නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම’ විසින් සිය නව බස් රථ සේවාව සඳහා ‘බස් රථ ක්‍රියාකරුවන් (රියදුරන්)’ බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ.

තෝරාගනු ලබන අයැදුම්කරුවන් සඳහා රුපියල් 115,000කට වැඩි මාසික වැටුපක් හිමිවන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම රැකියා අවස්ථාව සඳහා අවශ්‍ය මූලික සුදුසුකම්:

– අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම
– වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමිව තිබීම

සුදුසුකම් සපිරූ උනන්දුවක් දක්වන අයැදුම්කරුවන්ට පහත සඳහන් ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ සිය අයදුම්පත් යොමු කළ හැකිය:

– විද්‍යුත් තැපෑල (Email): careers@lankametro.lk
– WhatsApp අංකය: 070 188 6886
ලිපිනය:
මානව සම්පත් කළමනාකරු,
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම,
පර්යන්තය, 7 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 අගෝස්තු මස 31

May be an image of text