August 1, 2026

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරමින් නඩු පවරා ඇත.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින්, ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකර යෝෂිත රාජපක්ෂට වාසියක් අත්කර දීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

මේ සඳහා අල්ලස් කොමිසම විසින් අධිචෝදනා අටක් යටතේ නඩුව ගොනුකර ඇත.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 25 දෙනකුගේ නාමලේඛනයක් ඉදිරිපත් කර ඇත.

ඊට අමතරව සාක්ෂි ලේඛන 47ක් අධිකරණය හමුවේ තබා තිබේ.