
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා සහ උසස් අධ්‍යාපන ආයතන රැසකට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයක් වන රත්මලාන කන්දවල පාර සහ එහි කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බස්නාහිර පළාත් සභා කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මෙම උපදෙස් ලබාදී ඇත.
මාර්ගය දෙපස ඇති කාණු පද්ධතියේ පවතින බාධා කිරීම් හේතුවෙන් වැසි කාලයේදී නිතර ගංවතුර තත්ත්වයක් හටගන්නා අතර, එමගින් ප්‍රදේශවාසීන්, විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන්නන් සහ සේවකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව එහිදී අනාවරණය විය.
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් විශාල ආර්ථික හා සමාජීය ප්රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකියාව පැවතියද, වසර ගණනාවක් පුරා සිදු වූ නොසලකා හැරීම් සහ නීති විරෝධී ඉ ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට තත්ත්වය තවත් නරක අතට හැරී ඇත.
වැසි ජලය බැසයාමට බාධාවන පරිදි ඉදිකර ඇති නීතිවිරෝධී ඉදි කිරීම්, කානු පද්ධතිය නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ නඩත්තු නොකිරීම මෙන්ම වත්මන් අවශ්‍යතාවලට සපයන බෝක්කු සහ පාලම් කුඩා වීම වැනි කරුණු කිහිපයක් විධිමත් ලෙස ජලය බැස නොයාමට ප්‍රධාන හේතු ලෙස නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.
මීට අමතරව, වේරස ගඟ සහ කානු පද්ධතිය අතර ඇති උස වෙනස ඉතා අවම වීම මෙන්ම භූගත ජල මට්ටම මතුපිටට ආසන්නව පැවතීමද මීට බලපාන අනෙකුත් හේතූන් ලෙස පෙන්වා දී ඇත.
විසඳී නොමැති ඉඩම් හිමිකාරිත්වයන් පිළිබඳ ගැටලු සහ නඩත්තු කිරීමේ වගකීම් නිසි ලෙස හඳුනාගැනීමට ආයතන අපොහොසත් වීම ප්‍රධාන බාධාවක් ලෙස අග්‍රාමාත්‍ය අමරසූරිය මෙහිදී පෙන්වාදී තිබේ.
මෙම අර්බුදය විසඳීම සඳහා පටු සීමාවලින් ඔබ්බට ගොස් සියලුම රාජ්‍ය ආයතන එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර තිබේ.
මහජනතාවට, විදේශ විනිමය උපයන කර්මාන්තශාලාවලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට බාධාවකින් තොරව සේවය සැලසීම තහවුරු කිරීම සඳහා වන අවසාන සැලැස්මට ගංවතුර පාලන පියවරද ඇතුළත් විය යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ වන විටත් සැලැස්මක් සකස් කර ඇති අතර, අදාළ ආයතන සමඟ එක්ව පවතින ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart