
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය මගින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ හමුවක් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සදහන් කළේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ ඉදිරියට නොගෙන යා යුතු බවට වන සිය සංගමයේ ස්ථාවරය අමාත්‍යවරයා වෙත පැහැදිලි කළ බවයි.
එදින උදෑසන පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ වාර්තාවක්ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දී ඇත.
මෙම වාර්තාවට 2023 වසරේදී සිදුකරන ලද විස්තීරණ අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් වූ නිර්දේශ ද ඇතුළත් කර තිබේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා අවස්ථාවක් සලසා දීමට අධිකරණ අමාත්‍යවරයා එකඟ වූ බවත් අමරසූරිය වැඩිදුරටත් පැවසීය.
නීතිඥ සංගමයේ කරුණු දැක්වීම් අධ්‍යයනය කර ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිචාරය ලබාදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
අදාළ වාර්තාව කෙරෙහි අවධානය යොමුකරමින් මේ පිළිබඳව වැඩිදුර විශේෂඥ සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත්, මෙම සාකච්ඡාවෙන් පසුව අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කිසිදු විරෝධතාවක් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර නොමැති බවද නීතිඥ සංගමය පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart