July 24, 2026

විපක්ෂයේ කාර්යයභාරය සම්බන්ධයෙන් සෑමවිටම ප්‍රශ්න කරන පාර්ශව විපක්ෂයක ශක්‍යතාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ද සිතාබැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට බලය ලබාදුන් පිරිස දැන් විපක්ෂය නිහඬව සිටින්නේ ඇයිදැයි විමසා සිටින බවයි.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය ලබාදුන් පසු ඒ හමුවේ නිර්මාණය වන විපක්ෂයකට ද සිදු කළ හැකි වන්නේ හඬ අවදි කිරීම පමණක් බව මෙවැනි අවස්ථාවක ජනතාව ද තේරුම් ගත යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේවෙතත් විපක්ෂය ලෙස එය නියෝජනය කරන සියලු පාර්ශව එකට එක්වීමක් සිදුවන බව පෙනෙන්නට ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්වීම අත්‍යවශ්‍ය මෙන්ම විපක්ෂය නියෝජනය කරන ප්‍රභල පක්ෂ ද මේවනවිට ඒකරාශී වෙමින් සිටින බවයි.