
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින අසාමාන්‍ය ප්‍රමාදයන් නිරාවරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවකින් හෙළි වී ඇත.
එනම්, 2001 වසරේදී බරපතල ලිංගික අපයෝජනයකට ලක් වූ 11 හැවිරිදි වින්දිත දරුවකුට මහාධිකරණය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලැබී ඇත්තේ එම සිදුවීමෙන් වසර 22කට පමණ පසු, එනම් 2023 වසරේදී බවයි.
විනිසුරු පී. කුමාරරත්නම් සහ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම තීන්දුවේ දැක්වෙන්නේ, අදාළ අපරාධය සිදුවන විට වින්දිතයා කුඩා දරුවකු වුවද, නඩු විභාගයේදී සාක්ෂි දෙන විට ඔහුගේ වයස අවුරුදු 33ක් වී තිබූ බවයි.
මෙම අපරාධය ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදු වූවකි. එහිදී නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බාලවයස්කාර දරුවෙකු පැහැරගෙන යෑම සහ බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 354 සහ 365බී(2)(බී) වගන්ති යටතේ කේ.එස්. රත්නසිරි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි. මෙම අපරාධයන් 2001 ඔක්තෝබර් සහ 2002 අප්‍රේල් අතර කාලය තුළ සිදුව ඇති බවට චෝදනා එල්ල විය.
පැමිණිල්ලේ සාක්ෂිවල පවතින පරස්පරතා ඇතුළු කරුණු පහක් මුල්කර ගනිමින් විත්තිකරු තමන්ට පැනවූ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සාක්ෂිවලට අනුව, 2001 ඔක්තෝබර් සහ 2002 අප්‍රේල් අතර කාලයේදී විත්තිකරු විසින් වගාකරන ලද හේනකදී මෙම සිදුවීම වන විට වින්දිත දරුවාගේ වයස අවුරුදු 11ක් පමණ විය.
පැමිණිල්ල පාර්ශවයෙන් චෝදනා කළේ විත්තිකරු විසින් දරුවා එම හේනට මුලාකර ගෙන්වාගෙන බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත්, මේ පිළිබඳව දෙමාපියන්ට පැවසුවහොත් මීට පෙර වෙනත් අය විසින් ඔහුව අපයෝජනය කළ සිදුවීම් හෙළිකරන බවට දරුවාට තර්ජනය කර ඇති බවත්ය.
නඩු විභාගයේදී මහාධිකරණය විසින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාමේ චෝදනාවට විත්තිකරුට වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ බරපතල ලිංගික අපයෝජන චෝදනාවට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබිණි. මෙම සිරදඬුවම් දෙකම එකවර ගෙවී යා යුතු බවට නියෝග කර ඇත. මීට අමතරව, එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් දඩ මුදල් පැනවූ අධිකරණය, වින්දිතයාට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙස ද විත්තිකරුට නියෝග කර ඇත.
අභියාචනාධිකරණය හමුවේ විත්තියේ නීතිඥයන් තර්ක කළේ නීත්‍යානුකූල භාරකරුගේ කැමැත්තකින් තොරව දරුවා රැගෙන ගිය බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. කෙසේ වෙතත් එම තර්කය ප්‍රතික්ෂේප කළ විනිසුරු කුමාරරත්නම් පෙන්වාදුන්නේ, පියාගේ සාක්ෂියෙන් දරුවා තමන්ගේ දැනුමකින් හෝ කැමැත්තකින් තොරව රැගෙන ගොස් ඇති බව පැහැදිලිවම සනාථ වන බැවින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාමේ චෝදනාව ඔප්පු වන බවයි.
සිද්ධිය සිදු වූ දිනයන් සම්බන්ධයෙන් පවතින පරස්පරතා හේතුවෙන් සාධාරණ සැකයක් මතුවන බව ද විත්තිකරු වෙනුවෙන් තර්ක කෙරුණි. එහෙත්, වින්දිතයා සහ ඔහුගේ පියා සාක්ෂි දී ඇත්තේ සිදුවීමෙන් වසර 22කට පමණ පසුව බැවින්, කාලය ගතවීමත් සමඟ මෙවැනි සුළු පරස්පරතා ඇතිවීම ස්වභාවික බව අධිකරණය නිරීක්ෂණය කළේය. මෙවැනි සුළු නොගැලපීම් මඟින් පැමිණිල්ලේ මූලික හරයට හෝ වින්දිතයාගේ විශ්වාසනීයත්වයට හානියක් නොවන බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart