
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පිරිස් බලය සහ වැටුප් ව්‍යූහය සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලෙස විධිමත් පිරිස් බල තක්සේරුවක් සහ නව වැටුප් ව්‍යූහයක් හඳුන්වාදීමට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටින බව සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සභාපති වසන්ත අතුල කුමාර පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි.
පසුගිය කාලයේ පැවැති සේවක නොසන්සුන්තාව හේතුවෙන් නිෂ්පාදනයකින් තොරව වැටුප් හා අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීමට කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට සිදු වූ බවත්, සීනි ප්‍රවාහනයට පැමිණි ලොරි රථවලට බාධා කිරීමෙන් ආදායම් මාර්ගවලට ද බලපෑම් එල්ල වූ බවත් සභාපතිවරයා පෙන්වාදෙයි.
සෙවණගල සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පැල්වත්ත ඒකකයේ ආදායම ද යොදාගන්නා බවත්, මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ආයතනය බරපතළ ආර්ථික අර්බුදයකට ලක්වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
2011 වසරේදී මෙම ආයතනය රජයට පවරා ගත්තද මෙතෙක් විධිමත් පිරිස් බල තක්සේරුවක් සිදු කර නොතිබූ බව පෙන්වාදෙන සභාපතිවරයා, පසුගිය කාලයේ දේශපාලන අවශ්‍යතා මත 2021 සිට 2025 දක්වා කාලය තුළ පමණක් 3,000 කට ආසන්න පිරිසක් අක්‍රමවත් ලෙස ස්ථිර කර ඇති බව ද අනාවරණය කරයි.
නව ආණ්ඩුව යටතේ ආයතනය ස්ථාවර කිරීමට සහ අනුමත පිරිස් බල තක්සේරුවකට අනුව වැටුප් තල සකස් කිරීමට කටයුතු යොදමින් සිටින පසුබිමක, ඇතැම් කණ්ඩායම් ආයතනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව සභාපතිවරයා චෝදනා කරයි.
එමනිසා මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් බැහැර වී වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් නීත්‍යනුකූලව විසඳාගැනීමට සහය වන ලෙසත් සභාපති වසන්ත අතුල කුමාර සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart