August 31, 2026

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ‘ගෝලීය ආහාර පද්ධති සමුළුවට’ (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහා අද(අගෝස්තු 31) නිල සංචාරයක් සඳහා භූතානය බලා පිටත්ව ගියාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයට අනුව, අග්‍රාමාත්‍යවරිය සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වෙන සමුළුවේ සමාරම්භක පූර්ණ සැසියට සහභාගී වීමට නියමිත අතර, “බහු-අර්බුදයන්ට මුහුණ දීම සඳහා සිහිබුද්ධිය අවදි කිරීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ එහිදී ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

මෙම සංචාරය අතරතුර, තිරසාර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ඔරොත්තු දෙන ප්‍රජාවන් ගොඩනැගීම සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය අන්තර්ජාතික නායකයන් සහ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.