
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්න බොලිවුඩයෙන් ලැබෙන අලුත්ම සහ සුපිරිම උණුසුම් නිව්ස් එක. කාලෙක ඉඳන් හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, ඉන්දීය සිනමාවම හොල්ලන්න එන ‘රාමායණ’ චිත්‍රපටයේ නිල ට්‍රේලරය (Trailer) රිලීස් වෙන දවස ගැන ඔන්න නිෂ්පාදකයෝ නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා.
පහුගිය දවස් ටිකේම සෝෂල් මීඩියා පුරා මේකේ ට්‍රේලරය එන දවස ගැන එක එක කතා පැතිරුණානේ. ඔන්න ඒ හැම කතාවකටම තිත තියලා, එළඹෙන ජූලි 24 වැනිදා ලොව පුරාම මේ සුපිරි ට්‍රේලරය රිලීස් කරනවා කියලා නිෂ්පාදක මණ්ඩලය සෙනසුරාදා නිල වශයෙන්ම කියලා තියෙනවා.
මීට කළින් ආපු පළමු පූර්ව ප්‍රචාරක පටයෙන් චිත්‍රපටයේ තියෙන දැවැන්ත බව විතරක් පෙන්නලා කතාව හැංගුවට, මේ එන්න යන ට්‍රේලරයෙන් චරිත ටික සහ කතාව ඇතුළේ වෙන දේවල් සිනමාලෝලීන්ට වඩාත් හොඳින් බලාගන්න පුළුවන් වෙයි කියලා හැමෝම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.
මේකේ තියෙන ලොකුම කතාව තමයි මේකට සෙට් වෙලා ඉන්න සුපිරි නළු නිළියෝ සෙට් එක. සුපිරි තරුව රන්බීර් කපූර් ශ්‍රී රාම් ලෙසත්, දකුණු ඉන්දීය සිනමාවේ සුරූපී සායි පල්ලවි සීතා ලෙසත් ප්‍රධාන චරිත රඟපානවා. හැබැයි හැමෝම වඩාත්ම කුතුහලයෙන් බලන් ඉන්නේ රාවණාගේ චරිතයට. KGF චිත්‍රපටයෙන් ලෝකයම හොල්ලපු සුපිරි නළු යෂ් තමයි මේකේ රාවණා විදිහට පෙනීඉන්නේ. මීට අමතරව හනුමාන්ට සනී ඩියෝල් වගේම ලක්ෂ්මන්ට රවී ඩුබේ සෙට් වෙලා ඉන්නවා.
පසුගිය අප්‍රේල් 2 වැනිදා ආපු ෆස්ට් ලුක් එකෙන් රන්බීර්ගේ රාජකීය පෙනුම දැකලා රසිකයෝ පිස්සු වැටුණා විතරක් නෙමෙයි, හොලිවුඩ් මට්ටමේ VFX තාක්ෂණය ගැනත් හැමෝම සෝෂල් මීඩියාවල දිගටම කතාවුණා.
හැබැයි ඉතින් මේ සුපිරි ෆිල්ම් එක බලන්න නම් තව ටිකක් කල් බලන් ඉන්න වෙනවා. මොකද මේක කොටස් දෙකක දැවැන්ත සිනමා අත්දැකීමක් විදිහට IMAX තාක්ෂණයෙන් තමයි සිනමාහල්වලට එන්නේ. ආරංචි විදිහට පළමු කොටස මේ අවුරුද්දේ (2026) දීපවාලි උත්සව සමයේදීත්, දෙවැනි කොටස ලබන අවුරුද්දේ (2027) දීපවාලි සමයේදීත් තිරගත වෙන්න නියමිතයි. නිෂ්පාදනය පැත්තෙන් ඔස්කාර් සම්මානලාභී DNEG වැනි දැවැන්ත සමාගම් මේකට එකතු වෙලා තියෙන නිසා වැඩේ සුපිරියටම තියෙයි කියලා ශුවර්.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart