
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අද පැවති මහජන සංවාද මණ්ඩපයකට එක්වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවයි.
එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බව ද ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය පැවසුවේ මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් සිදු කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වනවා සේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවන බවයි.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබුණේය.
අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් ද සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එම සංගමයේ සාමාජිකයින් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු දේශපාලඥයින් පිරිසක් ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart