July 4, 2026

විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගිය සිකුරාදා (03) ප්‍රවීණ ද්‍රවිඩ දේශපාලකයකු සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී හමුව තිබේ.

මෙහිදී අමාත්‍යවරයා, 93 වැනි වියේ පසුවන හිටපු මන්ත්‍රී ආනන්දසංගරී ශ්‍රී ලාංකීය දේශපාලනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුළින් ලබාදුන් ආදර්ශයන් ඇගයීමට ලක්කරමින් සිය කෘතඥතාව පළකර ඇත.