
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දවස්වල ෆේස්බුක්, ටික්ටොක් එක පැත්තේ රවුමක් ගියපු ඕනෑම කෙනෙක්ට එකම එක හුරුබුහුටි වීඩියෝවක් අනිවාර්යයෙන්ම මුණගැහෙන්න ඇති. ඒ, පුංචි ගැහැණු ළමයෙක් තමන්ගේ සුරතල් බළලා විතරක් නෙවෙයි, වන සතෙක් වෙන ඉත්තෑවෙක් එක්ක කුඹුරක නියරක් දිගේ හරිම ආදරෙන් ඇවිදගෙන යන අපූරු දර්ශනයක්.
මිලියන ගණන් සෙනඟ වැළඳගත්තු මේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරපු ගමන් ලෝකේ වටෙන්ම ලොකු අවධානයක් ලැබුණා. හැබැයි ඒ අතරේ සමහරු බොරු ප්‍රචාර යවමින් කිව්වේ මේ සිද්ධිය වුණේ බංග්ලාදේශයේ කියලා. හැබැයි ජනමාධ්‍ය මේ ගැන කරපු හොයාබැලීමකදී ලෝකෙටම හොරෙන් වසන් වුණු ඇත්තම කතාව එළියට ඇවිත් තියෙනවා. මේ ලස්සන රූපරාමුවල ඉන්නේ බංග්ලාදේශයේ ළමයෙක් නෙවෙයි, අපේම ලංකාවේ, ඓතිහාසික පොළොන්නරුවේ ජීවත් වෙන අවුරුදු 7ක පුංචි දෝණියෙක්! ඇගේ නම ශ්වේතා පුන්සඳි.
ශ්වේතාගේ අම්මා කියන විදිහට මේ පුංචි දූ උපතින්ම සත්තුන්ට පුදුමාකාර විදිහට ආදරේ කරන කෙනෙක්. බොහොම සරල විදිහට සොබාදහමට බද්ධ වෙලා ජීවත් වෙන මේ පවුල වටේටම තියෙන්නේ ලස්සන වටපිටාවක්. ඒ නිසාම ශ්වේතා හැදුණේ වැඩුණේ වනසතුන් එක්ක හරිම සමීපවයි. සත්තුන්ට තමන්ගේම කියලා භාෂාවක් තියෙනවා වගේම, ශ්වේතාට ඒ සතුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුදුම සහජ හැකියාවක් තියෙනවා කියලයි ඇගේ අම්මා විශ්වාස කරන්නේ.
මේ හිලෑ නැති වන සතා සහ ශ්වේතා අතරේ මෙච්චර ළඟ බැඳීමක් ඇතිවුණේ කොහොමද? කතාව ඇහුවොත් ඔයාලගේ හදවතත් උණු වේවි. දවසක් බල්ලන් බුරන සද්දෙට ශ්වේතාගේ පවුලේ අය බලද්දී, තුවාල වුණු ඉත්තෑවෙක් බේරෙන්න හිතාගෙන ඔවුන්ගේ ගේ අසල තිබුණු යකඩ තහඩු ගොඩක් අස්සේ හැංගිලා ඉඳලා තියෙනවා. ඉත්තෑවාගේ කකුලකට තදින්ම තුවාල වෙලයි තිබිලා තියෙන්නේ.
පස්සේ මේ කරුණාවන්ත පවුලේ අය ගෙදර තිබුණු බෙහෙත් හේත් දාලා දවස් කිහිපයක් තිස්සේ මේ සතාට සලකලා සුවපත් කරලා තියෙනවා. සනීප වුණාට පස්සේ ඌ ආපහු කැලේට ගියත්, තමන්ට ජීවිතය දුන්නු මේ ආදරණීය මිනිස්සුන්ව අමතක කරලා නැහැ. ඌ නිතරම ශ්වේතාලගේ ගෙදරට එන්න පුරුදු වුණා. කාලයත් එක්ක ශ්වේතාගේ ආදරේ හඳුනාගත්තු මේ ඉත්තෑවා, ඇය එක්ක පුදුම යාළුකමක් ඇති කරගත්තා. වීඩියෝවේ පේන්න තියෙන්නේ අන්න ඒ අහිංසක ආදරයයි.
සුවිශේෂීම දේ තමයි, මේ පවුලේ අය ඉත්තෑවාව කූඩු කරලා හිරකරගෙන හදන්නේ නැහැ. ඌට ඕනෑ වෙලාවක නිදහසේ කැලේ සැරිසරන්න ඉඩ දීලා තියෙනවා. ඌ තමන්ට හිතුණාම තනියම ආයෙත් ශ්වේතාව බලන්න ගෙදරට එනවලු.
ලෝකේ වටේ ඉන්න මිලියන සංඛ්‍යාත පිරිසක් මේ වීඩියෝව නරඹලා තියෙන්නේ පුදුම සතුටකින්. සැබෑ ලෝකයේ ජීවත් වෙන ‘ඩිස්නි කුමාරිකාවක්’ වගේ කියලා තමයි බොහෝදෙනෙක් ශ්වේතා දෝණිව හඳුන්වලා දෙන්නේ. අපේ රටේ පරිසරයට, සත්තුන්ට ආදරේ කරන මෙන්න මේ වගේ පුංචි දරුවෝ ගැන මුළු ලෝකයම කතාවෙන එක ඇත්තටම අපිටත් ලොකු ආඩම්බරයක් නේද?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart