
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 100ක මුදලක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුරුණෑගල කාර්මික විද්‍යාලයක සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පහරදීමට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබිණි.
පොලිසිය පවසන පරිදි මෙම සිදුවීම සිදුව ඇත්තේ 2026 ජූනි 25 වනදාය.
වයඹ ටෙක් කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් බමුණුගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකු, සිය නේවාසිකාගාරය බලා යමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීමට ලක්ව ඇත. පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව විමර්ශන කණ්ඩායම් දෙකක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර, ඒ අනුව ජූනි 30 වනදා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත. 19, 24 සහ 25 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් වීරඹුගෙදර සහ උහුමිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ජූලි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇත. සැකකරුවන් විසින් අපරාධය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන TVS වර්ගයේ යතුරුපැදියක් ද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කුරුණෑගල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart