
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පෙරළිකාර සහ සුවිශේෂී මෙහෙයුමක් අද (02) රාත්රියේදී ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, ‘M5’ පන්තියට අයත් අංක 781 දරන දුම්රිය එන්ජිම, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට උඩරට ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයෙන් බැහැරව, මහාමාර්ගය ඔස්සේ මහනුවර සිට පේරාදෙණිය දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතය.
මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ ගම්පොළ අතර කොටසට දැඩි හානි සිදු විය.
වත්මන් තත්ත්වය යටතේ එම කොටස් අතර දුම්රිය ධාවනය කළ හැකි වුවද, ඉන් ඔබ්බට පවතින දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සේවා දුම්රියක් (Service Train) ධාවනය කරවීමට වෙනත් කිසිදු දුම්රිය එන්ජිමක් එම කලාපය තුළ නොමැති වීම හේතුවෙන් දුම්රිය බලධාරීන් මෙම විකල්ප සහ අභියෝගාත්මක තීරණයට එළඹ ඇත.
පේරාදෙණිය සුප්‍රසිද්ධ කළු පාලමේ (යකා පාලම) නඩත්තු කටයුතු ද මෙතෙක් අවසන් වී නොමැති බැවින්, මහනුවර සිට පේරාදෙණිය දක්වා දුම්රිය මාර්ගය තවමත් ධාවන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම වසාදමා ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, මහාමාර්ගයක පිහිටි පාලමක් මතින් මෙන්ම, සුවිශාල ‘මහවැලි ගඟ’ හරහා දුම්රිය මාර්ගයකින් තොරව එතෙර වන ප්‍රථම දුම්රිය එන්ජිම ලෙස ද M5 781 එන්ජිම මෙරට දුම්රිය ඉතිහාසයට එක් වනු ඇත.
විශේෂිත බර වාහන පරිහරණය කරමින් සිදුකෙරෙන මෙම සුවිශේෂී හා අතිශය අවදානම් සහගත මෙහෙයුම තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart