July 2, 2026

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කළ කැඳවීමක් මත ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.