
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ දිනය(01) වන විට කොළඹ නගරයෙන් සමස්ත ඩෙංගු රෝගීන් 2,343 දෙනෙකු වාර්තා වී ඇති බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බැල්තසාර් ඊයේ ප්‍රකාශ කළාය.
“ඩෙංගු රෝගය අපේ නගරය මුහුණ දෙන විශාලතම මහජන සෞඛ්‍ය අභියෝගවලින් එකක් ලෙස තවදුරටත් පවතිනවා. මේ වසරේ මේ දක්වා කොළඹ මහනගර සභා සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,343 ක් වාර්තා වී තිබෙනවා. එය ශ්‍රී ලංකාව පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 4.5% ක්. පෙර වසරවලට සාපේක්ෂව, 2026 වසරේ සෑම මාසයකම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් ද අපට දැකගත හැකියි,” යැයි නගරාධිපතිනිය ඇයගේ නවතම සමාජ මාධ්‍ය සටහනක දක්වා තිබේ.
“අපගේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑම දිනකම නගරය පුරා මදුරුවන් පාලනය කිරීමේ කටයුතු සිදුකරනවා. මෙම පරීක්ෂණ මඟින් අප හඳුනාගෙන තිබෙන්නේ ඉදිකිරීම් බිම්, පාසල්, රජයේ සහ පෞද්ගලික ආයතන මෙන්ම ආගමික ස්ථාන මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන අතර වන බවයි” ඇය පවසයි.
නාරාහේන්පිට, ගෝතමීපුර, තිඹිරිගස්යාය, කිරුළ, කිරුළපන සහ කුරුඳුවත්ත, නගරයේ ඉහළම අවදානමක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.
මෝදර, මට්ටක්කුලිය, සම්මන්ත්‍රණපුර, කොච්චිකඩේ උතුර, නවගම්පුර, කොච්චිකඩේ දකුණ, කොටුව, වෑකන්ද, කුප්පියාවත්ත නැගෙනහිර, කුප්පියාවත්ත බටහිර සහ බොරැල්ල උතුර යන ප්‍රදේශ ද යම් දුරකට අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.
කොළඹ නගරයේ පවතින ඉදිකිරීම් බිම්වලින් සියයට 32.4 ක්ම මදුරුවන් බෝවන ස්ථාන බවට පත්ව ඇති බැවින් ඒවා වඩාත්ම අවදානම් සහගත ප්‍රදේශ බවට පත්ව ඇත.
මීට අමතරව කොළඹ නගරයේ පාසල්වලින් සියයට 13 ක් ද, වාණිජ ස්ථානවලින් සියයට 6.8 ක් ද, ආගමික ස්ථානවලින් සියයට 7 ක් සහ විවෘත ස්ථානවලින් සියයට 6.2 ක් ද මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනාගෙන තිබේ.
කොළඹ මහා නගර සභාවට පමණක් තනිවම නගරය පිරිසිදු කළ නොහැකි බවත්, ඒ සඳහා අනෙකුත් ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් නගරාධිපතිනිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක පවසා ඇත්තේ, නගරය පිරිසිදු කිරීම නගර සභාවේ වගකීමක් බවයි. “මගේ ධුර කාලය තුළ නගර සභාවට අනුයුක්ත වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ අතර, අපි වරින් වර බේරේ වැව පිරිසිදු කිරීමට ද පියවර ගත්තා,” යැයි ඇය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart