
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික වර්ධනය දුර්වල මට්ටමක පවතින පසුබිමක, සාපේක්ෂව ඉහළ උද්ධමනයකට ඉඩ දෙන ප්‍රතිපත්ති රාමුවක් පැවතීමෙන්, ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වීම සහ ජීවන තත්ත්වය අඛණ්ඩව කඩා වැටීම යන දෙඅංශයෙන්ම දැඩි පසුබෑමකට ලක්වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනතුරු අඟවයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ වත්මන් ආර්ථික තත්වය සහ එහි අභියෝග සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ලිපියක් මගින් ය.
ශ්‍රී ලංකාවේ උද්ධමන ගැටලුව මූලික වශයෙන් වෙළෙඳපොළ ඉල්ලුම මත පදනම් වූවක් ද යන්න පිළිබඳව එමගින් ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, පසුගිය දශකය පුරා රට තුළ ඇති වූ උද්ධමනයෙන් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ ආනයනික සහ සැපයුම් අංශයේ සාධක බව පෙන්වා දී තිබේ.
විදේශ විනිමය අනුපාත අවප්‍රමාණය වීම, ආනයනික ඉන්ධන සහ බලශක්ති පිරිවැය, ආහාර සැපයුම් ජාල බිඳවැටීම්, උපයෝගිතා ගාස්තු (විදුලි/ජල) සංශෝධන, බදු පැනවීම්, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල උච්චාවචනයන් සහ බාහිර මූල්‍ය පහසුකම් සීමා වීම උද්ධමනයට බලපෑ ප්‍රධානතම හේතු සාධක ලෙස ඔහු එමගින් හඳුන්වා දී ඇත.
ඒ අනුව, උද්ධමනයට හේතු වූ මෙකී මූලික ගැටලුවලට නිසි විසඳුම් සෙවීමකින් තොරව, හුදෙක් පොලී අනුපාත සංශෝධනය කිරීම මත පමණක් අසීමිත ලෙස විශ්වාසය තැබීම ප්‍රමාණවත් නොවන බව ද ඔහු තර්ක කරයි.
පුළුල් ආර්ථික උපායමාර්ගයක් තුළ උද්ධමනය පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කරන රවී කරුණානායක මන්ත්‍රීවරයා පොලී අනුපාත ඉහළ නැංවීමෙන් පමණක් විදේශ විනිමය සංචිත ගොඩනැඟිය නොහැකි බව ද පෙන්වා දී තිබේ
එමෙන්ම පොලී අනුපාත වැඩි කිරීමෙන් අපනයන ආදායම වර්ධනය කළ නොහැකි බවත්, පොලී අනුපාත ඉහළ දැමීමෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු කළ නොහැකි බවත්, එමෙන්ම පොලී අනුපාත වැඩි කිරීමෙන් නිෂ්පාදිතතාව ඉහළ නැංවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart