
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ලබන වසරේ සිට 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව මෙහිදි සඳහන් කෙරිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා කමිටු පහක් පත්කර ඇති බවත්, එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වාදෙන ලදී.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් 06 ශ්‍රේණියට අදාළ මොඩියුල අදාළ සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන්ව ඇති බවත්, දෙවන වාරය සඳහා අදාළ මොඩියුලද සමඟ එකවර ලබා දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළව මග පෙන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අඛණ්ඩව මැදිහත් වන බවද මෙහිදි පෙන්වා දෙන ලදී. එසේම මෙම මොඩියුල සංවර්ධනය කිරීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවද සාකච්ඡා විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම පාසල් වලට එනම් ද්විතීයික පාසල් 6500කට අවශ්‍ය උපකරණ මේ වන විට ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
විශේෂයෙන් සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඇති අතර ඒවා සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වන විට සිදු වන බවටද කරුණු ඉදිරිපත් විය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදි අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය අඛණ්ඩව මැදිහත් වීම මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ගේ ඇගයීමට ලක්විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා යළි මාස තුනකින් රැස්වීමටද මෙහිදි එකගතාවය පළකෙරිණි.
(ජනාධිපති මාධ්‍ය අංශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart