June 27, 2026

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති නිලවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගනිමින්, කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට (CEDAW කමිටුව) නැවතත් තේරී පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මෙහිදී ප්‍රකාශිත වලංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීමට මහාචාර්ය රංගිතා ද සිල්වා සමත් වූවාය.

ඒ අනුව ජයග්‍රහණය කළ සියලුම අපේක්ෂකයන් අතරින් පෙරමුණ ගැනීමට ඇය සමත් වූ අතර, CEDAW කමිටුවට නැවත තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇය පත්වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම ප්‍රතිඵලය හරහා කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිඹිබු වන බවයි.

මෙම නිලවරණයේදී සාර්ථකව තේරී පත් වූ රටවල් සහ ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් පහත පරිදි වේ:

රටලබාගත් ඡන්ද සංඛ්‍යාව
ශ්‍රී ලංකාව144
ඊජිප්තුව141
උගන්ඩාව140
මොන්ගෝලියාව136
කැනඩාව135
එස්තෝනියාව133
අසර්බයිජානය133
කියුබාව128
ස්පාඤ්ඤය125
නයිජීරියාව123
මෙක්සිකෝව119
ඇන්ටිගුවා සහ බාබුඩා118