
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉහළ දැමූ මෙරට ඉන්ධන මිල ලෝක වෙළඳපලේ මිල අඩුවීමට සාපේක්ෂව පහළ දැමුවහොත් ජනතාවට ඒ ඔස්සේ සහන හිමිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමිමට කටයුතු කිරීම පිළිබඳ රජයට දොස් නැගිය නොහැකි බවයි.
එහෙත් මිල අඩුවීමත් සමග මෙරට ඉන්ධන මිලද අඩු කිරීමට රජයට වගකීමක් පවතින බව පැවසූ මන්ත්‍රීවරයා ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ලබන සතිය වනවිට හෝ රජය තෙල් මිල අඩු කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.
එහෙත් ජනතාව වෙනුවෙන් සිතාබලා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසුවේය.
තෙල් මිල අඩු කළ හොත්, ඊට සාපේක්ෂව මිල ඉහළ ගිය සේවාවන්හි මිල පහළ යාමල් සිදුවෙතැයි අපේක්ෂා කළ හැකි බැවින් එය ජනතාවට සහනයක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එවැනි දේ සිදු නොවේ නම් ආණ්ඩුව මැදිහත් වී ජනතාවට සහන ලබා දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart