
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික ජයලත් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ඔහු ඒ බව ලිපියක් මඟින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙත දන්වා ඇත.
අගලවත්ත නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, අගලවත්ත ප්‍රදේශයට අධිකරණ සංකීර්ණයක් ලබා ගැනීමට නොහැකි වීම, යෝජිත නව පොලිස් ස්ථානය සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් වෙන් නොකිරීම, යටියන ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපොහොසත් වීම සහ ආපදා කළමනාකරණ ගොඩනැගිල්ල ඉවත් කිරීමට පියවර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් සිය ඉල්ලා අස්වීමට හේතු වූ බව ඉන්දික ජයලත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මීට අමතරව, තමන් මුදල් හා ප්‍රතිපත්ති කමිටුවෙන් සහ තාක්ෂණික සේවා කමිටුවෙන් ද ඉල්ලා අස්වන බව ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart