
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය සම්බන්ධ නඩුවක් මුල්කර ගනිමින් විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අසිත නිරෝෂණ අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාදයක් ඇතිවිය.
සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලංජලී ජයකොඩිට ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගැනීමේ චෝදනා එල්ල වී ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා තරයේ ප්‍රතික්ෂේප කළේය.
“දුලංජලී ජයකොඩි මහත්මියගෙන් මුදල් ණයට ගත් කිහිපදෙනෙක් ඒවා නැවත ලබා දී තිබුණා. එම මුදල් තැන්පත් කිරීමට බැංකුවකට ගිය අවස්ථාවේදියි එහි ව්‍යාජ නෝට්ටු තිබෙන බව ඇය දැනගත්තේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ අසත්‍යයක්,” යැයි ඔහු පැවසීය.
ඊට පිළිතුරු දුන් මන්ත්‍රී අසිත නිරෝෂණ කියාසිටියේ දුලංජලී ජයකොඩිට එරෙහිව මෙම චෝදනාව එල්ල කළේ එවකට සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බවයි.
එසේම, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රටට ඉටුකළ විශාල සේවය සැලකිල්ලට ගෙන, මෙම නඩුව සමථයකට පත්කිරීමට තමන් මැදිහත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart