
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්රකාශයක් සිදුකිරීම ඇතුළු චෝදනා එල්ල කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 31 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
වාර්තා සඳහන් කළේ, මෙම නඩුව විභාග වන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද දින නිල නිවාඩු ලබා සිටීම හේතුවෙන්, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ බවයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, පූර්ව නඩු විභාග සම්මන්ත්රණයක් සඳහා නඩුව ජූලි මස 31 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.
අද දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනීසිටියහ.
ඥානසාර හිමියන් විසින් ඉස්ලාම් දහමට හානිකර ප්රකාශ සිදුකරමින් ජාතීන් අතර සමගියට බාධා වන අන්දමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart