
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උසස් හෘද රෝග ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛන කෙටි කිරීමේ අරමුණින්, රුපියල් බිලියන 1.2ක ව්‍යාපෘතියක් යටතේ ඉදිරි සතිය තුළ රජයේ රෝහල් හතරක නව කැතීටර්කරණ රසායනාගාර පද්ධති හතරක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ:
– ජූනි 27 වැනිදා: යාපනය ශික්ෂණ රෝහල
– ජූනි 30 වැනිදා: කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල
– ජූලි 02 වැනිදා: කොළඹ ජාතික රෝහල (පද්ධති දෙකක්)
ලෙස මෙම නව කැතීටර්කරණ රසායනාගාර ස්ථාපිත කිරීමට නියමිතය. මෙහි එක් ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300ක් වන අතර සමස්ත ආයෝජනය රුපියල් බිලියන 1.2කි.
හෘද වාහිනී රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා නවීකරණය කිරීම සඳහා රජය දරන උත්සාහයේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව තෝරාගත් රෝහල් හතර සඳහා උසස් ප්‍රතිබිම්බ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධියෙන් (AI) සමන්විත ‘Canon Alphenix Core+ Evolve Edition’ වර්ගයේ නවීනතම කැතීටර්කරණ පද්ධති හිමිවනු ඇත.
මෙම නව තාක්ෂණයේ වාසි වන්නේ:
– අඩු අවදානම: විවෘත හෘද සැත්කම් (Open-heart surgery) සඳහා ඇති අවශ්‍යතාව අවම කරමින්, වඩාත් වේගවත් සහ ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමවේදයන් සැපයිය හැකිය.
– කාලය ඉතිරි වීම: සංකීර්ණ හෘද රෝගී ප්‍රතිකාර සඳහා ගතවන කාලය කෙටි කරමින් රසායනාගාර තුළ කාර්යක්ෂමතාව ඉහළ නංවයි.
– නිවැරදි තීරණ: එකම තිරයක් මත වෛද්‍ය ප්‍රතිබිම්බ (Medical images) කිහිපයක් එකවර දර්ශනය කිරීමට හැකිවීම නිසා වෛද්‍යවරුන්ට වඩාත් නිවැරදි සායනික තීරණ ගැනීමට උපකාරී වේ.
මෙම කැතීටර්කරණ රසායනාගාර ඒකක හතර එක්වීමත් සමඟ හෘද හා වාහිනී රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා රෝගීන්ට දිගු කලක් බලාසිටීමට සිදුනොවන අතර, වඩාත් වේගවත්, නිවැරදි මෙන්ම කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart