
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බළපිටිය මාදු ගඟේ ඔරුවකින් ගමන් කරමින් ධීවර රැකියාවේ නිරතව සිටි තරුණ ධීවරයෙකු ඊයේ (25දා) පෙරවරුවේ කිඹුලෙකුගේ ප්රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බළපිටිය, හීනටිය ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක ධීවරයෙකි.
සුපුරුදු පරිදි ඊයේ උදෑසන ඔහු තවත් ධීවරයකු සමඟ ඔරුවකින් මාදු ගඟේ මසුන් අල්ලමින් සිටියදී මෙම බිහිසුණු අනතුරට මුහුණ දී ඇත.
ගඟෙන් එකවරම මතු වූ දැවැන්ත කිඹුලෙකු මොවුන් ගමන් කළ ඔරුව තුළටම පැන, මෙම ධීවරයාව ඩැහැගෙන ගඟ පතුලට පැහැරගෙන ගොස් තිබේ.
සිදුවීමත් සමඟ අවට සිටි අනෙකුත් ධීවරයන් පිරිසක් වහාම මැදිහත් වී, දැඩි පරිශ්රමයක් දරා කිඹුලාව පළවා හැර ධීවරයාව බේරා ගැනීමට කටයුතු කර ඇත.
කෙසේවෙතත්, කිඹුලාගෙන් බේරාගෙන ගොඩට ගන්නා විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.
ප්රදේශවාසීන් පවසන්නේ මාදු ගඟේදී කිඹුලෙකු විසින් ධීවරයෙකු මෙලෙස ඔරුවකින්ම පැහැරගෙන ගොස් මරාදැමූ පළමු අවස්ථාව මෙය වන බවයි.
මියගිය ධීවරයාගේ මරණ පරීක්ෂණ කටයුතු බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart