
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් පිරිසට හරක් කටාගේ බිරිඳ විසින් අදාළ රුපියල් කෝටි 12ක කප්පම් මුදල ලබාදී ඇත්තේ ඩුබායි රාජ්‍යයේදී බවත්, එම ඩුබායි සංචාරයට රඛිත රාජපක්ෂගේ පියා වන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂත් සහභාගී වී ඇති බව අනාවරණය විය.
ඊයේ අධිකරණයේදී තොරතුරු අනාවරණය කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම ඒ සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය.
“………මෙම විමර්ශනයේදී දුරකථන සංවාද පටයක් හමුවෙනවා. ඒ දුරකථන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තකු අතර……මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳවන මදුශානිට දැනුම් දෙනවා. පසුව 2023 වසරේ මාර්තු මස 25 වන දා රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා…….මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රකිත රාජපක්ෂගේ පියාවන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart