June 26, 2026

අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හෘද රෝගියකු බවත් ඔහුට මේ වනවිට Stent 3ක් බද්ධ කර ඇති බවත් තවත් Stent 5ක් බද්ධ කළ යුතු බවත් ඔහුගේ නීතිඥවරයා ඊයේ අධිකරණයට දැනුම්දුන්නේය.

එසේම ඔහු 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු හට වැළඳෙන සියලු රෝගයන්ට අවාසනාවන්ත ලෙස ගොදුරුව ඇති බවද වැඩිදුරටත් පැවසීය.

මේ අතර, රිමාන්ඩ් බන්ධනාගරගත කෙරුණු හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂටද නින්දේදී හුස්ම හිරවෙන භයානක රෝග තත්වයක් පවතින බව ඔහුගේ නීතිඥයා විසින් අධිකරණයට දැනුම්දුනේය.

අධිකරණයට ඉදිරිපත් කෙරෙන සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් ඉහත කී රෝගී තත්වයන් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් එම පූර්වාදර්ශය ලබාදීමෙන් අනතුරුව මෑතක සිටය.