June 25, 2026

රුපියල් 5,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහනගර සභාවට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිෂන් සභාවට අනුව, හාඩ්වෙයාර් (යකඩ බඩු) වෙළඳසැලක ප්‍රදර්ශනය කර තිබූ ප්‍රචාරක පුවරුවක් වෙනුවෙන් නගර සභාවට ගෙවිය යුතු බදු මුදල සඳහන් ලේඛනයක් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත.

අද උදෑසන 8.50 ට පමණ ගාල්ල මහා නගර සභාවේ ආදායම් පරීක්ෂණ අංශය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.