
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190 කට ආසන්න මුදලක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහමඩ් නමැත්තා ජූලි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන සිටි මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කරමින් රුපියල් බිලියන 190 ක ආසන්න මුදලක් විදේශ රටවලට නීතිවිරෝධී ලෙස යවා තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
සැකකරු ටෙලිග්රැෆිට් ට්‍රාන්සර් ක්‍රමවේදය හරහා කොළඹ කොටුවේ පිහිටි ඒ.වයි ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහා එම මුදල් ඇමරිකානු ඩොලර් ලෙස විදේශ වලට යවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේ ආකාරයට රටේ මුදල් විදේශ රටවලට බැහැර කළ ද සැකකරු කිසිදු අවස්ථාවක බැර කරන මුදල් මත මෙරටට අනායනය කර භාණ්ඩ නොමැති බවත් රජයේ නීතීඥවරයා පැවසීය.
මෙම මුදල් උපයාගත් ආකාරය හෝ කුමන අරමුණක් සඳහා විදේශ රටවලට සැකකරු විසින් මුදල් යොමු කර තිබේද යන කරුණ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් රජයේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට අමතරව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන්ගේ මුදල් ද ඔහුගේ නමින් ඇති බැංකු ගිණුම් වලට බැර කර තිබෙන බවත් රජයේ නීතීඥවරයා පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජුලි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart