
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සුදුකන්ද රක්ෂිත වනාන්තරයෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් කපා දමමින් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉඩ දීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ දේශපාලනඥයන් පිරිසක් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් ‘සන්තෝසම්’ ලබාගෙන ඇති බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
මෙම ව්‍යාපෘතිය වත්මන් රජය සමග සිටින, බලශක්ති ක්ෂේත්රයට සහ BYD වාහන මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු සතු එකක් බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
“මේ ව්‍යාපාරිකයන් අතීතයේ රට පාලනය කරපු අයවත් අල්ලගෙන තමන්ගේ වැඩ කරගත්තා. වත්මන් රජය මේ වගේ ව්‍යාපාරිකයන් එක්ක ගනුදෙනු කරනවා දකින්න ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය වුණේ නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව රජයේ ක්‍රියාකලාපය නිසා තවත් ගැටලු රැසක් මතුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජාතික ජනබලවේගයේ හිතවාදියෙකු වීම හේතුවෙන් කනිෂ්ඨ මට්ටමේ වෛද්‍යවරියක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ ධුරයට පත් කිරීමට සූදානම් වන බවටද චෝදනා කළේය.
එමෙන්ම, රෝහල්වලට ලබාදී ඇති බාල ප්‍රමිතියෙන් යුත් ඔස්ටොමි බෑග් නිසා රෝගීන්ගේ උදරයේ කැසීමක් ඇති වන බවත්, සංචාරක මණ්ඩලයේ බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය නිසා හෝටල් කිහිපයක් මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart