
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුතින් පිහිටුවන ලද මහජන ණය කළමනාකරණ කාර්යාලයෙන් මෑතකදී සිදු වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කර ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කරයි.
මෙහිදී ඩිජිටල් පද්ධති බිඳදැමීමක් හරහා ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරී ණය පියවීම් මුදලක් අතරමඟදී සොරකම් කර තිබේ.
‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ විද්‍යුත් තැපෑල හරහා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල් සඳහන් කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ මෙම බාහිර ණය මුදල නොලැබීම හේතුවෙන් “නව බාහිර ගෙවීම් හිඟයන් ඇතිවීම වැළැක්වීම” පිළිබඳ අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායකය ශ්‍රී ලංකාව අතින් උල්ලංඝනය වී ඇති බවයි.
මේ හේතුවෙන්, වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන යටතේ ලැබීමට ඇති ණය වාරික ලබා ගැනීම සඳහා, අදාළ හිඟ මුදල සාපේක්ෂව කුඩා අගයක් ගැනීම (දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.002% ක් වීම) සහ නිවැරදි කිරීමේ පියවරයන් අනුගමනය කිරීම පදනම් කර ගනිමින් එම නිර්ණායකය පැහැර හැරීම පිළිබඳ නිදහස් කිරීමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලා ඇති බව ඇය පවසා ඇත.
ඇයට අනුව එම නිවැරදි කිරීමේ පියවරයන්ට; හැකි ඉක්මනින් අදාළ ණය හිඟය පියවීම, ජූනි මස අවසන් වන විට මහජන ණය කළමනාකරණ කාර්යාලය සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම සහ ගිණුම් විස්තර සහ ගෙවීම් ප්‍රමාණයන් ශක්තිමත් ලෙස සත්‍යාපනය කිරීම සඳහා අගෝස්තු මස අවසන් වන විට නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතියක් සක්‍රීය කිරීම ඇතුළත් වේ.
“අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ එක්ව, තාක්ෂණික සහාය ලබා දෙමින් මහජන ණය කළමනාකරණ කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා IMF සමීපව කටයුතු කරනවා. එය පිහිටුවීමේ සිට මේ දක්වා එහි පළමු මධ්‍යකාලීන ණය උපායමාර්ගය සහ වාර්ෂික ණය ගැනීමේ සැලසුම ප්‍රකාශයට පත් කිරීම මෙන්ම සතිපතා දේශීය බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම වැනි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. විචක්ෂණශීලී ණය කළමනාකරණ පුරුදු ප්‍රවර්ධනය කිරීමට, දේශීය ණය වෙළඳපොළ පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීමට සහාය වීම සඳහා අඛණ්ඩව ධාරිතාව ගොඩනැගීම අත්‍යවශ්‍යයි,” යැයි ඇය වැඩිදුරටත් පවසා ඇත.
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදු වූ වංචාව පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, එය සේවක විෂමාචාරයක් හේතුවෙන් හටගත්තක් වුවද ප්‍රමාණවත් අභ්‍යන්තර සහ බාහිර පාලනයක් නොතිබීම නිසා නියමිත වේලාවට හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එම බැංකුවේ මුදල් ලාභාංශ බෙදා හැරීම අත්හිටුවීමට සහ සමස්ත බැංකු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසයට ඉන් බලපෑමක් වීම වැළැක්වීම සඳහා පද්ධතිමය ද්‍රවශීලතා සහාය (System-wide liquidity support) ලබා දීමට ප්‍රතිඥා දුන් බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විගණනයක් (Forensic audit) ද මේ වන විට ආරම්භ කර ඇති බවත් ඇය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart