
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්ය මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින්, පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ රන්න ප්රදේශයේ පිහිටි ‘බිස් බේකර්ස් (පෞද්ගලික) සමාගම’ වෙත රුපියල් 500,000 ක (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කිරීමට අඟුණකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය ඊයේ (15) පියවර ගත්තේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ලීටර 01 ක ධාරිතාවයෙන් යුත් පානීය ජල බෝතලයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 100/- කි.
එසේ වුවද, අදාළ වෙළඳ ආයතනය විසින් එම ජල බෝතලයක් රුපියල් 120/- ක මුදලකට, එනම් රුපියල් 20 ක අතිරික්ත මිලක් යටතේ පාරිභෝගිකයන් වෙත අලෙවි කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හම්බන්තොට දිස්ත්රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටළීමකට අනුව මෙම ජාවාරම අනාවරණය කරගෙන තිබූ අතර, ඉන් අනතුරුව ඔවුන් විසින් අදාළ සමාගමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
අඟුණකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම තමන්ට එල්ල වූ චෝදනාවට වරද පිළිගත් අතර, ඉන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart