
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය තුළදී සිදු වූ අහඹු අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිස් සැරයන්වරයකු සන්තකයේ තිබූ නිල ගිනි අවියක් පරීක්ෂා කිරීමේදී එය ක්රියාත්මක වීම මෙම අනතුරට හේතු වී ඇත.
පොලිසිය පවසන පරිදි, සැරයන්වරයා විසින් තමා භාරයේ ඇති ගිනි අවිය පරීක්ෂා කරමින් සිටියදී ඉන් එක් උණ්ඩයක් අහඹු ලෙස පිටවී තිබේ.
එලෙස පිටවූ උණ්ඩය පොලිස් ස්ථානයේ ටයිල් පොළොවේ වැදී විසි වී ගොස් ඇත්තේ, එම අවස්ථාවේ එහි උපසේවක රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයාගේ දෙසටයි.
උණ්ඩයේ බිඳී ගිය කොටසක් කොස්තාපල්වරයාගේ වම් කකුලේ වළලුකරට ඉහළ ප්රදේශයේ වැදීමෙන් ඔහු තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart