
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවෙන් තරමක් ඈත් වී, නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නැවතත් සක්‍රීය දේශපාලනයේ පෙරමුණට පැමිණීමට සූදානම් වන බවට දේශපාලන කරළියේ මේ දිනවල තදින්ම කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
රනිල්ගේ මෙම ‘දෙවැනි පැමිණීම’ ගැන ජනමාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අපූරු රහසක් හෙළි කර තිබෙනවා. ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කිසිම වේලාවක දේශපාලනයෙන් ඉවත් වී නොසිටි බවයි.
“එතුමා මෑතකදී ප්‍රසිද්ධියේ දකින්න නොසිටියත්, දේශපාලන වැඩකටයුතුවල දිගටම සක්‍රීයව හිටියා. අපිට නිතරම මුහුණට මුහුණ හමුවුණා, ඒ වගේම දුරකථනයෙන් නිතරම සාකච්ඡා කළා.” යනුවෙන් ගම්මන්පිල පවසා තිබෙනවා.
එමෙන්ම, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් විපක්ෂයේ බලවේග නැවත පෙළගැසෙමින් පවතින මේ මොහොතේ, රනිල් වික්‍රමසිංහගේ සෘජු මැදිහත්වීම සහ දායකත්වය වැඩි වීම විපක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇති බවයි ගම්මන්පිල වැඩිදුරටත් විශ්වාසය පළ කරන්නේ.
දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, නිහඬව සිටිමින් තිරය පිටුපස සිට මෙතෙක් දේශපාලන නූල් ඇදි රනිල් වික්‍රමසිංහ, ඉදිරි සති කිහිපය තුළ විපක්ෂයේ ප්‍රධාන සන්ධානයක මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම කරළියට පැමිණීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart