
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවී ඇතැයි කියන රුපියල් බිලියන ගණනක මහා පරිමාණ මූල්‍ය වංචාව හමුවේ, මහබැංකුවේ බැංකු අධීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනාවරණය කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු උසස් නිලධාරීන් ඉදිරියේ මෙම NDB බැංකු වංචාව පිළිබඳ කරුණු සාකච්ඡාවට ගැනිණි.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා, මේ සම්බන්ධයෙන් මහබැංකුව ගෙන ඇති පියවරවල ප්‍රගතිය පිළිබඳව විමසා සිටියේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිය පස්වැනි සහ හයවැනි සමාලෝචන කාර්ය මණ්ඩල වාර්තාව මඟින්ද, මහ බැංකුවේ අධීක්ෂණ සහ නියාමන භූමිකාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මහබැංකු නිලධාරීන් ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ, මෙම වංචනික ගනුදෙනුවලට මූලික වූ හේතු සහ ඒවා සිදුකර ඇති ආකාරය හඳුනාගැනීම සඳහා මේ වන විට වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බවයි.
මෙම විගණනය මහ බැංකුව සහ NDB බැංකුව එක්ව සිදුකරන බව ප්‍රකාශ වීමත් සමඟ, කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එහි සාමාජික රවී කරුණානායක ප්‍රශ්න කර සිටියේ, චෝදනාවට ලක්ව ඇති NDB බැංකුවම මෙම වෝහාරික විමර්ශනයේ විෂය පථය තීරණය කිරීමට සම්බන්ධ කරගත්තේ කෙසේද යන්නයි.
ඊට පිළිතුරු දුන් නිලධාරීන් කියාසිටියේ, විමර්ශන විෂය පථයේ දළ කෙටුම්පතක් සකස් කිරීමට පමණක් NDB බැංකුවට පැවරුණු බවත්, මහබැංකුවේ දායකත්වය සහිතව එය නිල වශයෙන් සකස් කළේ මහබැංකුව විසින්ම බවත්ය.
වසර 10ක කාලයක් තිස්සේ සිදුවූ ගනුදෙනු මෙම විමර්ශනයට ලක්වන බවත්, මෙහි අතුරු වාර්තාවක් සතියකින් සහ අවසන් වාර්තාව ජූලි 18 වැනිදා ඉදිරිපත් කරන බවත් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
මීට පෙර වාර්තා වූයේ වංචනික ගනුදෙනු හරහා මෙම බැංකුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කර ඇති බවයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙම වංචා කළ මුදල් මෙරටින් බැහැර කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart