
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටියදී රෝහල්ගත කෙරුණු හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ, දින කිහිපයක ප්‍රතික්ෂේප කිරීමකින් පසු නැවත ඖෂධ භාවිත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ආහාර වර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ ශාරීරික සංකූලතා මත පසුගිය 07 වැනිදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු සලේට සේලයින් ලබාදී තිබුණද, ඔහු දිගින් දිගටම ආහාර සහ වෛද්‍යවරුන් නිර්දේශ කළ ඖෂධ ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පවතින තත්ත්වය හමුවේ වාට්ටුවේ සේවය කළ හෙදියක විසින් සලේ මහතාට දැඩිව දොස් පවරා ඇති බවයි.
“මේක රෝහලක්, රෝගීන්ට මැරෙන්න දෙන්න බැහැ. දොස්තර මහත්තුරු නියම කරන බෙහෙත් බොන්න ඕනේ. ඒ නිසා මේ බෙහෙත් ටික බොන්න” යැයි ඇය කළ දැඩි ප්‍රකාශයෙන් පසු ඔහු ඖෂධ ලබා ගැනීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, ඖෂධ ලබා ගත්තද ඔහු තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව පසුවන බව පොලිස් හා රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart