
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එන්නතක් ලබාදුන් පසු ගම්පහ රෝහලේදී මියගිය රෝගියාගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ ගම්පහ මරණය සම්බන්ධයෙන් විමසූ විට පැවසුවේ මරණය ගැන සෞඛ්‍ය අංශ පවසන හේතු අනුව ඉදිරි පියවර ගන්නා බවයි.
අදාළ 67 හැවිරිදි පුද්ගලයාට ලබාදී තිබුණේ ‘සෙෆ්ටාසිඩීම්’ නැමැති එන්නතයි.
එහිදී ඇතිවූ අසාත්මිකතාවක් නිසා රෝගියා මියගිය බව මරණ පරීක්ෂණයේදී අනාවරණ විය.
පසුව අදාළ එන්නත ගම්පහ රෝහලේ භාවිතය ද අත්මිටුවීමට තීරණය කෙරිණි.
වැඩිදුර හේතු සොයා බැලීම සදහා මෙලෙස සිරුරු කොටස් වෛද්‍ය පර්යේෂණායතනයට යැවෙනු ඇත.
කෙසේ වෙතත් මීට පෙර සිදුවූ අසාත්මිකතා සම්බන්ධව සෙවූ කමිටුවේ වාර්තාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදුන් අතර එහි සියලු තොරතුරු ද හෙළිදරව් වූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart