
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොගවන්තලාව, චැපල්ටන් වතුයායේ සැරිසරමින් සිටි ගෝනෙකු මරා, මස් අලෙවි කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනකු අද (15) බොගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චැපල්ටන් වතුයායේ එන්.සී. කොටසේ ගැවසුණු ගෝනෙකු මරා, මස් විකිණීම සඳහා බෙදාහරිමින් සිටින බවට පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව බොගවන්තලාව නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම වතුයායේම පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, බොගවන්තලාව නගරයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ එම සත්වයාගේ යැයි සැකකෙරෙන මස් කිලෝග්රෑම් 10ක පමණ ප්රමාණයක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙහි තවත් මස් කොටසක් වතු කම්කරුවන් වෙත දැනටමත් අලෙවි කර ඇති බවයි.
සැකකරුවන් හැටන් දිස්ත්රික් සහ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බොගවන්තලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart