Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දවස්වල දේශපාලන කරළියේ ලොකු කතාබහක් ඇති වුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කිරීමත් එක්කයි. හැබැයි ඉතින් අලුත් ආණ්ඩුකාරවරයෙක් පත් කරනකල් තාමත් තනතුරේ වැඩ බලන හනීෆ් යූසුෆ්, මෑතකදී ලංකාවෙන් අතුරුදන් වෙලා කෙළින්ම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගිහින් කියලා ආරංචියක් ආවා.
හැබැයි මේක නිකන්ම නිකන් පෞද්ගලික සංචාරයක් නෙවෙයි. ඔහු එහේ ගියේ ජනාධිපතිවරයාගේ “විදේශ සෘජු ආයෝජන පිළිබඳ විශේෂ දූතයා” විදිහටයි. වොෂින්ටන් නුවරදී ඔහු ඇමෙරිකානු ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජේකොබ් හෙල්බර්ග් හමුවෙලා දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කරගන්න සුපිරි සාකච්ඡාවකුත් පවත්වලා තියෙනවා.
මේ ගමනේදී හනීෆ් යූසුෆ්ට තවත් සුවිශේෂී හමුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ලංකාවේ හිටපු ජනප්‍රිය ඇමෙරිකානු තානාපතිනියක් වුණු ජූලි චන්ග් මුණගැසීම. ඇය හනීෆ් යූසුෆ්ගේ පරණ හිතවතියක්නේ. තමන්ගේ පරණ යාළුවා වොෂින්ටන් ඇවිත් ඉන්නවා දැකපු ජූලි චන්ග්, හනීෆ් යූසුෆ් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අරිත වික්‍රමසිංහ එක්ක ලස්සන සේයාරුවකුත් අරන් ඒක ඇගේ ‘X’ (ට්විටර්) ගිණුමට දාලා තිබුණේ හරිම අපූරු සටහනක් එක්කයි.
“ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳ විශේෂ දූතයා වන ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අරිත වික්‍රමසිංහ වොෂින්ටන් නුවරදී හමුවීම සතුටට කරුණක්. දෙරට අතර වෙළඳ සහ ආයෝජන අවස්ථා ඇතුළු ශක්තිමත් සබඳතාවලට මම දිගටම සහයෝගය දෙනවා.”
ඉතින්, ධුරයෙන් අයින් වෙන්න ලියුම දීලා තිබුණත්, රටට ආයෝජන ගේන්න තියෙන උනන්දුව හින්දම හනීෆ් යූසුෆ් ඇමෙරිකාවටත් ගිහින් පරණ යාළුවෝ හමුවෙලා කරපු මේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම ගැන දැන් දේශපාලන ලෝකයේ හැමෝම කතාවෙන්න පටන් අරන්!
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart