
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 50,000කට අයත් 166,500ක් ජනතාව සඳහා පිරිසුදු පානීය ජලය ලබාගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 13කට අයත්වන අතර, ඔවුන් අගෝස්තු 01 වැනිදා සිට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ ගැටලුවලට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පවසයි.
පීඩාවට පත් ජනතාවගෙන් බහුතරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජීවත් වෙති.
ආපදාවට ලක්වූ ප්‍රදේශවලට බවුසර් රථ යොදාගනිමින් ජලය සැපයීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart